ඩිල්ෂාන් සමුගත් තරගයේ ජය කැංගරුවන්ට

ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයෙන් කඩුළු 02ක තියුණු ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ලංකාව ලබාදුන් ලකුණු 227ක ඉලක්කය ඔස්ට්‍රේලියානු ඉනිමේ 46 වැනි අවසන් පන්දුවට එල්ල කළ පහරත් සමග එම ජයග්‍රහණය තහවුරු විය.මෙම තරඟයේදී ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ජෝජ් බේලි ලකුණු 70ක් ලබාගත්තේය.

ඩිල්ෂාන්ගේ සමුගැනීමේ සාදය

තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (27)දඹුල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිය සමුගැනීමේ සාදයට සහභාගී වුණා.

මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ මංජුලා ද එක්ව සිටියා.එම අවස්ථාවේ සේයා රූ පහතින් දැක්වෙනවා.

මධු මාධව ඊයේ රෑ බිරිඳට ලියූ කඳුළු ලිපිය මෙන්න

මධු මාධවහේ දෙවන බිරිඳ රෙනුෂා ඔහුව හැරගොස් අදට වසර දෙකක් ගත වනවා.ඇය විදෙස් ගතව ඔහුගෙන් නොකියාම වෙන්ව ඇත්තේ අද වැනි දිනකයි.

තම බිරිඳගේ හැරයාමෙන් තනිකඩ වූ මධු මාධව අයට ඊයේ රාත්‍රී ලිපියක් ලියා තිබෙනවා.ඊයේ (28)රාත්‍රියේ ෆේස්බුක් ඔස්සේ ලියූ එම ලිපිය පහතින් කියවිය හැකියි.

ඇඟ අඩුකර ගන්නේ මෙහෙමයි

ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්‌. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි. 

ඊළඟ තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්‍රදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්.

සැප්තැම්බර් 07දා දක්වා ඉර ලංකාවට ඉහලින්

ඉදිරි දින කිහිපයේදි ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරන හෙයින් හෙට සිට සැප්තැම්බර් 07දා දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතියි.හෙට දහවල් 12.12ට පුල්ලවේලි, වේඩුකාඩු සහ උරවෙනිකන්පත්තුව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතියි.