ලග්ගල ප්‍රදේශයේ ජීවත්වූ වයෝවෘද්ධ පුද්ගලයකුගේ මානසික රෝගයක් සුවකිරීමට එම නිවෙසේ ජීවත් වූ අවුරුදු 22ක හා 20ක දියණියන් දෙදෙනා දූෂණය කළ බව කියන වයස අවුරුදු 55ක කපුවකු අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
සිය පියාට ඇතිවී ඇති රෝගී තත්ත්වය සුව කිරීම සඳහා දියණියන් දෙදෙනා සමඟ ලිංගික ඇසුරක් පැවැත්විය යුතු යැයි කැකිරාව ප්‍රදේශයේ පදිංචි කපුවකු යෝජනා කර තිබේ.




