ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයෙන් කඩුළු 02ක තියුණු ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ලංකාව ලබාදුන් ලකුණු 227ක ඉලක්කය ඔස්ට්‍රේලියානු ඉනිමේ 46 වැනි අවසන් පන්දුවට එල්ල කළ පහරත් සමග එම ජයග්‍රහණය තහවුරු විය.මෙම තරඟයේදී ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ජෝජ් බේලි ලකුණු 70ක් ලබාගත්තේය.




