ඛනිජ තෙල් ඇමති කළකිරෙයි

තමන්ගෙන් විමසීමක් නොකර ඛනිජ තෙල් නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ මෙම තීරණය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුහුණදිය හැකි තත්ත්වයන් පිළිබද සොයා බැලීමකින් තොරව අදාළ තීරණය ගෙන ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග වදිනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග වදින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මන්ත‍්‍රිවරයා මේ බව ප‍්‍රකාශ කලේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී.




රාජිතගේ බාල පුතුගේ විවාහය

පසුගිය කාලයේ කථාබහට ලක්වූ අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්නගේ විවාහ උත්සවය පසුගිය 12 වනදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වුණා. ඒ සඳහා විශේෂ ආරාධිතයින් පිරිසක් පමණක් එක්ව සිටියා. 

පසුගිය කාලයේ බලවයස්කාරියක නිවසේ රඳවා තබාගන්නා බව කියමින් රාජිතගේ ලේලිය වන දිලිනි නමැති දැරිවිය සම්බන්ධයෙන් ඇගේ මාපියන් නීතියෙන් ක‍්‍රියා කරන්නට උත්සාහ කළද පසුව එම නඩුව සමථයකට පත්වූයේ පැමිණිලි පාර්ශ්වය එය ඉල්ලා අස්කරගැනීමේ සිදුවීමකින් පසුය.

ජනපතිට එරෙහිව සයිබර් යුද්ධයක්

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ 'හැකර්ස්'ලා ඉල්ලීම් හා කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වෙන්නැයි ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් කර තිබේ.

'ශ්‍රී ලන්කන් යූත්' නමින් මේ තර්ජනය කරන 'හැකර්ස්' ලාගේ ඉල්ලීම් හා කොන්දේසි වන්නේ,
අ.පො.ස. උසස් පෙළ විභාගය පවත්වන දින වකවානු වෙනස් නොකරන්න.

තිසුරිට Mobile Phone එකක් නැලු

තවමත් ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන නව පරපුරේ නිළියක් ඉන්නවා. ඇය තමයි තිසුරි යුවනිකා. ඇය සහ ඇගේ මව වන සුසන්තා චන්ද්‍රමාලි භාවිත කරන්නේ එකම දුරකථන අංකය. 

තිසුරිවත් කන්ටැක්ට් කරගන්න ඕන නම් ගන්න ඕන සුසන්තාගේ අංකයට. ඇයි දන්නෙ නැහැ තිසුරි ජංගම දුරකථන පාවිච්චි කරන්නෙ නැත්තෙ. ඇතැම්විට එය අනවශ්‍ය කරදරයක් කියලා හිතෙනවද දන්නෙ නැහැ. කෙසේ වෙතත් ජංගම දුරකථනයක් නැති වුණත් ජංගම දුරකථන තියෙන නිළියන්ට වඩා තිසුරි වෙලාවට වැඩ කරනවා කියලා නම් කියන්න ඕනෑ.