සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩුදුන් නක්ලස් රක්ෂිතයේ සතුන් ඝාතනය කර එම ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 06 දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
ඒ අනුව පන්විල සංචාරක මහේස්ත්රාත් එම්.එච්. රෆික්ඩීන් මහතා ඔවුන්ට 175,000ක දඩයක් නියම කළ බව වාර්තාකරු සඳහන් කළේය.




