තම බිරිය වස සහිත කුඩු විශේෂයක් තම ආහාර වේලට කලවම් කළැයි කියන සිදුවීමකට අදාළව සැමියකු විසින් පොලිසියට භාරදුන් සැක සහිත ආහාර පාර්සලය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම ආහාර පාර්සලය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කොට වාර්තාවක් කැඳවන ලෙස නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා එම වාර්තාව සමඟ මෙම නඩුව ඔක්තෝබර් මස 11 දා නැවත කැඳවීමට නියම කළේය.
ඕස්ටේ‍්‍රලියානු නායකයා ලංකාවෙන් යයි
සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැති දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 82 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා. මෙම ජයග‍්‍රහණය වාර්තා පොත් අතරට එක් වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජය ගත් එක්දින තරගය ලෙසයි.
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාපිටියේදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5දී සියළුදෙනා දැවී ලකුණු 288ක් ලබා ගැනීමට සමත්විය.එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 69ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57ක් හා කුසල් ජනිත් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විණ.
ජැකලින්ගේ 'කෑම සූත්‍ර' ඉන්දියාවටත්
සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් විසින් මුම්බායි නුවර දී අවහන්හලක් විවෘත කිරීමට කටයුතු කර ඇති බව 'හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය' සඳහන් කරයි.
ඇය මීට වසර 02කට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස මහතා සමඟ එක් වී 'කෑම සූත්‍ර' නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කළ අතර ඊට මහත් ජනප්‍රියත්වයක් ලැබුණි.
ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්
ඉතාලියේ පෙරුගියා නගරයට දකුණුදිගින් රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයක් ඇති වී තිබේ.
එරට වේලාවෙන් අලුයම 3.36 ට ඇති වී තිබෙන මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය එම නගරයෙන් කිලෝමීටර් 76ක් ඔබ්බෙන්, පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් වාර්තා වී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.



