ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාපිටියේදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5දී සියළුදෙනා දැවී ලකුණු 288ක් ලබා ගැනීමට සමත්විය.එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 69ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57ක් හා කුසල් ජනිත් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විණ.

ජැකලින්ගේ 'කෑම සූත්‍ර' ඉන්දියාවටත්

සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් විසින් මුම්බායි නුවර දී අවහන්හලක් විවෘත කිරීමට කටයුතු කර ඇති බව 'හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය' සඳහන් කරයි.

ඇය මීට වසර 02කට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස මහතා සමඟ එක් වී 'කෑම සූත්‍ර' නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කළ අතර ඊට මහත් ජනප්‍රියත්වයක් ලැබුණි.

ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්

ඉතාලියේ පෙරුගියා නගරයට දකුණුදිගින් රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයක් ඇති වී තිබේ.

එරට වේලාවෙන් අලුයම 3.36 ට ඇති වී තිබෙන මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය එම නගරයෙන් කිලෝමීටර් 76ක් ඔබ්බෙන්, පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් වාර්තා වී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

බල්ලන් දූෂණය කල නරුමයා Video

බල්ලන් දූෂණය කරමින් සජීවිවි වීඩියෝ ගත කළ විකෘති අසාවක් සහිත පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය අණාවරනය කරනවා.

ඔහුගේ විශේෂත්වය වී තිබෙන්නේ බල්ලන් දූෂණය කරන අයුරු වීඩියෝ කරමින්ම එය සජීවිව අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමට කටයුතු කිරීමයි.මොහු බල්ලන් දූෂණය කරන අයුරු අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසක් නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

පාස්පෝට් ඔෆිස් එක 29 දින සිට බත්තරමුල්ලට

පුංචි බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබන 29 දින සිට බත්තරමුල්ල නව පරිශ‍්‍රය වෙත ස්ථාන මාරු සිදු කරන්නට නියමිතය.

ඒ නිසා පුංචි බොරැල්ලේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ කටයුතු ඇතුළු අනෙකුත් රාජකාරි අනිද්දා (26) දින නවතා දමන අතර දින 2 ක් සේවාවන් රහිතව සිට යළි 29 දා සිට අලූත් තැන රාජකාරී අරඹනු ඇත.