අයියා අංකල්ට ලිංගික අධ්‍යාපනය දෙන නිළිය!

ලිංගික අධ්‍යාපනය ගැන පහුගිය ටිකේ කතා කර කර හිටපු එක්තරා තද තද සුදු සුදු බුකියෙ රජ කරන ම්... ආ... නිළියක්,  නිළියක් රාජගිරිය පැත්තෙ අවුරුදු හැට හැත්තෑවක් විතර වයස වෙන අයියා අංකල් කෙනෙක්ට ලිංගික අධ්‍යාපනය දෙන්න පටන් අරන්ලූ.

වයසක අයියා අංකල්ට ලිංගික අධ්‍යාපනය දෙන නිළි ඇත්තිට ගුරු පඩුරු විදිහට අයියා අංකල් තුංමහල් ප‍්‍රාසාදයකුත් අරන් දීලලූ. එච්චරම විතරකුත් නෙමෙයි ඉතින් දෛනික වියදම් එහෙමත් කරන්නෙ අයියා අංකල් කියනවනේ. ඕං ඔය අසම්මත වැඬේ හින්දා සුදු නිළිය නම් මේ දවස්වල ඉන්නෙ අවුලෙන් කියලා තමයි වටේ පිටේ අය නම් කියන්නෙ. මොකද සුදු නිළියට මේ දවස්වල ගෙදරින් හෝ ගාලා මනමාලයො හොයනවලූනේ.

උදාරිට ඉල්ලුම වැඩි වෙලා

උදාරි වර්ණකුලසූරියට මේ වන විට චිත්‍රපට සඳහා ඇති ඉල්ලුම වැඩි වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නෙ ඇය සිටින ආදරණීය කතාවක් සිනමාපටයේ ඇති සාර්ථකත්වය. උදාරි හීනෙකින්වත් හිතපු නැති ප්‍රමාණයට චිත්‍රපට සඳහා ආරාධනා ගලාගෙන එනවලු.

ඇයගේ දුව ලබන වසරේ පෙර පාසල් යනවා. සිංගප්පූරුවෙ පාසලකට තමයි උදාරි තම දියණියව ඇතුළත් කරන්නට හිතාගෙන ඉන්නෙ. ඒ වෙනුවෙන් ලබන මස ඇය විදෙස්ගත වනවා. ඒ කටයුතු මැද තමන්ට ලැබුණු චිත්‍රපටවලට මොකද කරන්නෙ කියලා කල්පනා කරනවලු. නොවැම්බර් මාසයේදී උදාරි ආයෙ ලංකාවට එනවා. ඒ හින්දා එම චිත්‍රපටවල වැඩ නොවැම්බර් මාසයෙන් පසුව දාගන්නට උදාරි හිතාගෙන ඉන්නවලු.

අනුර සේනානායකගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ජාතික පුවත්පතකට අසත්‍ය තොරතුරු ලබාදීමෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපහාසයක් සිදු කැර ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා නීතිඥවරියක මාර්ගයෙන් එන්තරවාසියක් ඊයේ (12) යවා තිබේ. 

පෙල්ප්ස් අන්තිමේදී පරදියි

ක‍්‍රීඩාලෝලීන් විමතියට පත්කරමින් රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අද පැවති පිහිනුම් අවසන් තරගයකදී අමෙරිකානු ක‍්‍රීඩක මයිකල් පෙල්ප්ස් පරාජයට පත්වුණා. ඒ, මීටර් 100 සමනලආර ඉසව්වේදීයි.

සිංගප්පූරුවේ ජෝශප් ස්කුලීන් තත්ත්පර 50යි දශම 3යි 9ක කාලයකින් තරගය නිම කරමින් මෙහි රන් පදක්කම දිනාගත්තා. මෙය නව ඔලිම්පික් වාර්තාවක් ද වනවා. තත්ත්පර 49යි දශම 8යි 2ක් වන මෙම ඉසව්වේ ලෝක වාර්තාව තවදුරටත් හිමිව තිබෙන්නේ අමෙරිකානු ක‍්‍රීඩක මයිකල් පෙල්ප්ස්ටයි. කෙසේ වෙතත් අද ඔහුගේ තරග නිමි කාලය ඊට වඩා තත්ත්පර 2ක් පමණ පසුපසින් පැවතියා. ඒ, තත්ත්පර 51යි දශම 1යි 4ක් ලෙසයි.

නටාෂා FB දැම්ම අලුත්ම සෙල්ෆිය (PHOTOS)

කුඩා කාලයේ සිටම රසික අවධානයට ලක් වුණු නටාෂා පෙරේරා සැමදා කතාබහට ලක් වුණේ විශේෂයෙන්ම ඇගේ රූ සපුව නිසා.එමෙන්ම ඇගේ විවාහය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආන්දෝලනයකට තුඩු දුන් විවාහයක් කිවහොත් එය වැරදි වෙන්නේ නැහැ.

කෙසේ වෙතත් විවාහයෙන් පස්සෙ නටාෂාගෙන් පෙණුනේ තරමක් නිහඬ පිළිවෙතක්.මේ අතර තම නිල Facebook ගිණුම ඔස්සේ තමන්ගේ අලුත්ම පෙනුම කොහොමද කියලා රසික රසිකාවියන්ට පෙන්වන්න නටාෂා අමතක කරලා නැහැ.