ඉරාන විද්‍යාඥයා එල්ලා මරයි

ඉරානයේ ප්‍රකට න්‍යෂ්ඨික විද්‍යාඥයකු වූ ෂිරාම් අම්රි ඇමරිකාවට ඔත්තු සැපයීමේ චෝදනාව මත ටෙහෙරාන් නුවර බන්ධනාගාරයකදී එල්ලා මරාදමා ඇත.අම්රි ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ඇමරිකානු ජනාධිපති අපේක්‍ෂිකා හිලරි ක්‌ලින්ටන්ගේ පුද්ගලික විද්යුත් ලිපියකිනි.

හිලරිගේ කාර්ය මණ්‌ඩලයේ අය අම්රි ඇමරිකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා පවත්වා තිබේ.අම්රි එල්ලා මරාදැමීමට මුල්වූ හේතුව ගැන ඉරාන අධිකරණ ප්‍රකාශක ගුලාම් හුසේන් මොහේසෙකි පැවසුවේ ඔහු න්‍යෂ්ටික රහස්‌ ඇමරිකාවට ලබාදීම ගැන වරදකරුවී ඇති බවයි.

දුම්රියට එල්ල වූ ගල් පහරකින් පුද්ගලයෙකු මරුට

දුම්රියේ ගමන් කරද්දී එල්ලවූ ගල් ප‍්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගතව සිටි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ඊයේ රාත‍්‍රීයේ මරණයපත්ව තිබෙනවා. රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පසුගිය 03 වැනිදා ඔහුට ගල් ප‍්‍රහාරය එල්ල වී තිබුණා.

ගල් ප‍්‍රහාරය වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ කේ.එල්.පුෂ්පකුමාර නමැති උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. 49 හැවිරිදි ඔහු තිදරු පියෙක්. රාජකාරි කටයුත්තක් සඳහා පසුගිය 3 වැනිදා ඔහු කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ධාවනය වූ නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රියෙන් ගමන් කරමින් සිටියදී ගල් ප‍්‍රහාරය එල්ල වුණා.

විජය නන්දසිරි සමුගනියි

චිත්‍රපට, වේදිකා, ටෙලි නාට්‍ය යන අංශ තුනම ජයගත් ප්‍රකට රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හෙතුවෙන් කලුබෝවිල රෝහලේදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

අද (08දා) ඔහු සිය දිවියෙන් සමුගන්නා විට 72 වැනි වියේ පසුවිය. විජය නන්දසිරි මහතා මේ වන විට තිරගත වෙන වේදිකා නාට්‍ය බල්ලොත් එක්ක බෑ, අලුත් හොරු යන නාට්‍ය වලද රඟපාමින් සිටියේය. මෑත කාලයේදී ඔහු රගපෑ චිත්‍රපට අතරින් සුහද කොකා චිතපටය සාර්ථක තිරගත විය.

බැසිල්ට ඇප

දිවි නැගුම දේපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් අරාපක්ෂ මහතාට හා හිටපු දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට ඇප නියම කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කොළඹ මහේස්ත්‍රාත් එම්.සී.ඩී.එස්. මොරායස් මහතා දැන්විය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමාව රිමාන්ඩ් ගත කිරීමට එරෙහිව නිකුත් කර තිබූ නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන ඇපෑලක් ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එම ඇප අයැදුම්පති සළකා බලමින් මහාධිකරණය ඉහත නියෝගය නිකුත් කළේය.

ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ මහින්දයි Video

සන්ඬේ ලීඩර් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කර ඇති ඉන්දීය කෝවිලකට එවකට ජනාධිපති ආර්යා ශාරන්ති රාජපක්‍ෂ ඇතුළු වීම නිසා එම කෝවිල සති ගණනක් පිරිසිදු කල පුවතක් පුවත් පතේ පල කිරීම නිසා කෝප වී ඇති මහින්ද රාජපක්‍ෂ එවකට ජනාධිපතිවරයා ලසත්න වික‍්‍රමතුංගට දුකතනයෙන් අමතා මරණ තර්ජනය කර ඇති බවත් ඉන් දින තිහිපයකට පසු ඔහු වෙඩි තබා මරා දමා තිබූ බවත් හිටපු ජනපතිනිය ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියාය.