ඉරානයේ ප්‍රකට න්‍යෂ්ඨික විද්‍යාඥයකු වූ ෂිරාම් අම්රි ඇමරිකාවට ඔත්තු සැපයීමේ චෝදනාව මත ටෙහෙරාන් නුවර බන්ධනාගාරයකදී එල්ලා මරාදමා ඇත.අම්රි ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ඇමරිකානු ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පුද්ගලික විද්‍යුත් ලිපියකිනි.
හිලරිගේ කාර්ය මණ්ඩලයේ අය අම්රි ඇමරිකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා පවත්වා තිබේ.අම්රි එල්ලා මරාදැමීමට මුල්වූ හේතුව ගැන ඉරාන අධිකරණ ප්‍රකාශක ගුලාම් හුසේන් මොහේසෙකි පැවසුවේ ඔහු න්‍යෂ්ටික රහස් ඇමරිකාවට ලබාදීම ගැන වරදකරුවී ඇති බවයි.




