විදුලි කණුවට නැග්ග පුද්ගලයෙක් මැරුණු හැටි

තමන් සහයෝගය දක්වන පක්ෂය වෙනුවෙන් මොළය වැඩිකමට පුද්ගලයෙක් විදුලි කණුවකට නගිනවා.ටිකක් වෙලා මේ කණුවේ ඉන්න මොහු මොනවදෝ කියමින් කණුව උඩටම නගින්න ගිය වෙලාවේදී කරන්ට් එක වැදිලා කණුවෙන් බිමට වැටෙනවා.

කට්ටිය ඔහුව රෝහලට අරන් යනවිටත් ජිවිතයෙන් සමුඅරගෙන.

පොඩ්ඩෝ සෙට් එකක් මහින්දට ජය වේවා කියයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වන විට පැවැත්වෙනවා. පාද යාත්‍රාව අතරතුර මහින්ද දැකපු school bus එකේ පොඩ්ඩෝ සෙට් එකක් මහින්ද මාමාට ජය වේවා කියල කෑගහන අවස්ථාවේ වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.




නාමල් අත්අඩංගුවට ගන්නැයි නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා කෙළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (28) නියෝග කර තිබේ.

ගවර්ස් කෝපරේෂන් සභාපති බව කියන නාමල් රාජපක්ෂ ‘හෙලෝ කෝප්’ ආයතනයෙන් රුපියල් දස ලක්ෂ එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇතැයිද ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට ඔහුට මෙතෙක් හැකි නොවූ බැවින් එම මුදල් ලැබුණ ආකාරය සැක සහිත බවද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ පැහැදිලි කර ඇත.

ජන සටනට සර්වාගමික ආශිර්වාද ලැබූ හැටි (PHOTOS)

මහනුවරින් අද (28) ඇරඹෙන ජනසටන විරෝධතා පාගමනට පෙර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍ර‍මුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයින්ගෙන් ආශිර්වාද ලැබීය.

ලංකාවේ පළමුවැනි ‘චයිනමන්’ පන්දු යවන්නා

ජගත් ක්‍රිකට් තරග බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු ‘චයිනමන්’ පන්දු යවන්නා බවට පත්වීම තම වුවමනාව වී තිබූ බව ලක්ෂාන් සඳකැන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ කියා සිටියේය.

ඔස්ට්‍රේලියානු පිතිකරු මිචල් මාෂ් දවාලමින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තමා ලබා ගත් පළමු කඩුල්ල ඊයේ ලබා ගත් අනෙක් කඩුලුවලට වඩා වටිනාකමින් වැඩි බවද ලක්ෂාන් ඊයේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.