මහනුවරින් අද (28) ඇරඹෙන ජනසටන විරෝධතා පාගමනට පෙර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයින්ගෙන් ආශිර්වාද ලැබීය.
ලංකාවේ පළමුවැනි ‘චයිනමන්’ පන්දු යවන්නා
ජගත් ක්‍රිකට් තරග බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු ‘චයිනමන්’ පන්දු යවන්නා බවට පත්වීම තම වුවමනාව වී තිබූ බව ලක්ෂාන් සඳකැන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ කියා සිටියේය.
ඔස්ට්‍රේලියානු පිතිකරු මිචල් මාෂ් දවාලමින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තමා ලබා ගත් පළමු කඩුල්ල ඊයේ ලබා ගත් අනෙක් කඩුලුවලට වඩා වටිනාකමින් වැඩි බවද ලක්ෂාන් ඊයේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.
මව් කිරි දීමේ ලොව පළමු තැන ශ්‍රී ලංකාවට
ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 දින සිට 07 වැනි දිනය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
''මවුකිරෙන් සපිරි- ජාතියක අසිරි - තිරසර සංවර්ධනයකට මව්කිරි'' මෙවර ජාතික මව්කිරි දීමේ සතියේ තේමාව වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා, ජාතික මව්කිරි දීමේ සතිය පිළිබඳව කරුණු අනාවරණය කළේ, අද (27) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ජාතික මව්කිරි දීමේ සතිය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
සිංහල සොයුරු සොයුරියනි යාපනයේ සරසවියට එන්න
යාපනය විශ්වවිද්‍යාලයේ මතු දිනයක කිසිඳු ගැටුමක් ඇති නොවන ආකාරයෙන් සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් බාර ගන්නා බව කියා සිටින විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ටී. ශෂිධරන්, සියලු සිංහල සිසුන්ට යළිත් විශ්වවිද්‍යාලයට පැමිණ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියි.
විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය ජාතිවාදී අරගලයක් ලෙස විදහා දක්වමින් රටපුරා ජාතිවාදය පැතිරවීමට සමහර කණ්ඩායම් ගත් උත්සාහය පිළිකුලින් යුතුව හෙළා දකින බව ශෂිධරන් කියා සිටියේය.
සුළං බල විදුලිය ලබාදෙනවා
පවතින මිළට වඩා 40%ක් අඩුවෙන් සුළං විදුලිබලය ලබාගැනීම සදහා මිළ ගණන් කැදවීම අනුව අද දවසේ අවස්ථාව ලැබුණු බව විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) පස්වරුවේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති 22ක වෘත්තීකයන් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා....,




