මව් කිරි දීමේ ලොව පළමු තැන ශ්‍රී ලංකාවට

ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 දින සිට 07 වැනි දිනය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

''මවුකිරෙන් සපිරි- ජාතියක අසිරි - තිරසර සංවර්ධනයකට මව්කිරි'' මෙවර ජාතික මව්කිරි දීමේ සතියේ තේමාව වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික මව්කිරි දීමේ සතිය පිළිබඳව කරුණු අනාවරණය කළේ, අද (27) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ජාතික මව්කිරි දීමේ සතිය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

සිංහල සොයුරු සොයුරියනි යාපනයේ සරසවියට එන්න

යාපනය විශ්වවිද්‍යාලයේ මතු දිනයක කිසිඳු ගැටුමක් ඇති නොවන ආකාරයෙන් සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් බාර ගන්නා බව කියා සිටින විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ටී. ශෂිධරන්, සියලු සිංහල සිසුන්ට යළිත් විශ්වවිද්‍යාලයට පැමිණ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියි.

විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය ජාතිවාදී අරගලයක් ලෙස විදහා දක්වමින් රටපුරා ජාතිවාදය පැතිරවීමට සමහර කණ්ඩායම් ගත් උත්සාහය පිළිකුලින් යුතුව හෙළා දකින බව ශෂිධරන් කියා සිටියේය.

සුළං බල විදුලිය ලබාදෙනවා

පවතින මිළට වඩා 40‍%ක් අඩුවෙන් සුළං විදුලිබලය ලබාගැනීම සදහා මිළ ගණන් කැදවීම අනුව අද දවසේ අවස්ථාව ලැබුණු බව විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍ර‍කාශ කරයි. ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේ අද (27) පස්වරුවේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති 22ක වෘත්තීකයන් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා....,

පාද යාත්‍රාවට තහනම් නියෝගයක්

ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද අද තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ඩී.ඩී.නිලංග අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මුරලිට ජාත්‍යන්තර ගෞරව නාමයක්

ලෝක ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමලේඛණයට ( Hall of Fame) මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කර තිබෙනවා.

ඒබව ලෝක ක්‍රිකට් සම්මේලනය මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මෙම ලැයිස්තුවට නම් ඇතුළත් කරනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන කමිටුවක් විසින්.