රත්නපුරයේ ගණිකාවෝ 400 ක්

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වෘත්තීය ගණිකාවන් 400 දෙනකු පමණ හඳුනාගෙන ඇති අතර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දනයේදී වඩාත් බලපෑම් සහිත හා අවදානම් කණ්ඩායම ලෙස ඔවුන් නම් කළ හැකියැයි රත්නපුර මහ රෝහ‍ලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ස්ථානාධිපති වෛද්‍ය කාංචන උපසේන මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා ඉහත ප්‍රකාශය කළේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධනය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා එම ඒකකයේදී ඊයේ (26) පැවැත් වූ වැඩසටහනක් අතරතුරදීය.

ක්‍රිකට් ලෝලියකු නිරුවත් රංගනයක

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කර තිබියදී පිටිය පුරා එලා තිබූ ආවරණ මතට පැමිණි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලියකු නිරුවත් රංගනයක යෙදුණේය.

ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව යට වැස්සේ තෙමෙමින් රැස්ව සිටි ඔස්ට්‍රේලියා‍නු ක්‍රිකට් ලෝලීන් අතර සිටි උස හීන්දෑරී තරුණයෙක් පිටිය මැදට පිවිස ජලයෙන් පෙඟී තිබූ ආවරණ මත දිගාවිය. ඉන්පසුව නැගිට සිටි ඔහු පළමුව බැනියම ඉවත් කර වීසි කළේය. ඉන්පසුව කොට කලිසමද ඉවත් කළ ඔහු උපන් ඇඳුමෙන් යුතුව ආවරන මත ලිස්සා යමින් රංගනයක යෙදුනේය.

පාද යාත්‍රාවට ආණ්ඩුවම බය වෙලා

පවතින අසංවේදී ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනතා වේදිකාවක් ගොඩනැඟී ඇති මේ මොහොතේ උඩරටින් කොළොම්තොට පැමිණෙන පාද යාත්‍රාව ඓතිහාසික සටහනක් වනු නොඅනුමාන යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

බියෙන්, ත්‍රස්තයෙන් වෙව්ලුම්කන ආණ්ඩුව පාද යාත්‍රා සටන කෙසේ හෝ වැළැක්වීමේ උත්සාහයක නිරතව සිටින බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

මුඛ පිළිකා රෝගයෙන් පළමු තැන ලංකාවට

මුඛ පිළිකාවලින් දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ. මේ බව අනාවරණය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඇම්. තිලකරත්න මහතාය.

ආසන්නතම වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තාගත මුඛපිළිකා රෝගීන් දෙදහස් හාරසිය විසිදෙකක් සිටින බවද එයින් සියයට හැත්තෑ අටක්ම පුරුෂ පක්‍ෂය බවද තමන්ටම වළක්වාගත හැකි මුඛ පිළිකා රෝගය දැන දැන හෝ නොදැන ඉතා වුවමනාවෙන් බෝකර ගැනීම කනගාටුදායක කරුණක් බවද මහාචාර්යවරයා කීය.

දින 75ක් රිමාන්ඩ් හිටපු කැලණි සරසවි සිසුන්ට ඇප

සරසවි සිසුවියකට නවකවදය දුන්නේ යැයි චෝදනා ලැබ දින 75ක් පමණ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කැලණි සරසවියේ සිසු සිසුවියන් අටදෙනා එක් අයකුට රුපියල් ලක්‍ෂයේ ශරීර ඇප දෙක බැගින් මුදාහැරීමට ඊයේ (26දා) නියෝග කළ ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පැමිණිලිකරුවන්ට තර්ජනය කිරීමක් වාර්තා වුවහෙත් ඇප අවලංගු වන බවද සැකකරුවන්ගේ පදිංචිය ග්‍රාම සේවා සහතික මඟින් තහවුරු කළ යුතු බවටද ඇප කොන්දේසි පැනවූවාය.