පවතින අසංවේදී ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනතා වේදිකාවක් ගොඩනැඟී ඇති මේ මොහොතේ උඩරටින් කොළොම්තොට පැමිණෙන පාද යාත්‍රාව ඓතිහාසික සටහනක් වනු නොඅනුමාන යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
බියෙන්, ත්‍රස්තයෙන් වෙව්ලුම්කන ආණ්ඩුව පාද යාත්‍රා සටන කෙසේ හෝ වැළැක්වීමේ උත්සාහයක නිරතව සිටින බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.




