ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද අද තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ඩී.ඩී.නිලංග අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස දින 10ක කාලයක් කටයුතු කිරීම පිළිබඳව ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විවේදනය කිරීම බොහෝ දෙනෙකුගේ නොසතුටට පත්ව තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා තවදුරටත් ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.