රත්නපුර දිස්ත්‍රික්කයෙන් වෘත්තීය ගණිකාවන් 400 දෙනකු පමණ හඳුනාගෙන ඇති අතර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දනයේදී වඩාත් බලපෑම් සහිත හා අවදානම් කණ්ඩායම ලෙස ඔවුන් නම් කළ හැකියැයි රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ස්ථානාධිපති වෛද්‍ය කාංචන උපසේන මහතා ප්‍රකාශ කළේය.
වෛද්‍යවරයා ඉහත ප්‍රකාශය කළේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධනය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා එම ඒකකයේදී ඊයේ (26) පැවැත් වූ වැඩසටහනක් අතරතුරදීය.




