අයියලා දෙන්නෙක් නංගීව කෙළසලා !

මිනිස් වෙස් ගත් තිරිසන් වැඩ කරන මිනිසුන් අප අතරින් ඉන්නවා කියන එකට ඕනෑ තරම් ලෝකේ නිදසුන් විදිහට තියෙනවා.ඒත් තමන්ගේ එක කුස උපන් සහෝදරියටම තිරිසන් වැඩක් කරන්න පුළුවන් මොන හිතකින්ද ?

ඒත් එහෙම කරපු අයියලා දෙන්නෙකුත් මේ රටේ ඉන්නවා.හබරාදූව පිලාන වංචාවල පදිංචි මීපේ ගමගේ වාසනා සදරේණු නම් දැනට වයස 17 පසුවන මේ තරුණියට 2013 වගේම 2014 අවුරුද්දේ තමන්ගේම අයියලා දෙන්නා විටන් විට අපයෝජනය කරලා තියෙනවා.

මොරගහකන්ද මගේ වැඩක්

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මහින්ද චින්තනයේ පැවති තමාගේ වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එයට යුද්ධය පැවති වකවානුවේ යුද්ධයට විශාල මුදලක් වැයකරද්දී පවා පළමුවෙන් මුදල් වෙන්කරනු ලැබුවේ අයවැයෙන් බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දැරියව 30 කට වැඩි පිරිසක් දූෂණය කරලා

දෙනියායේ පිටබැද්දර ප්‍රදේශයේ දහතුන් හැවිරිදි (13) දැරියක මාස කිහිපයක් තිස්සේ අපයෝජනයට ලක් කළායැයි කියන 30 දෙනෙකුට වැඩි පිරිසක් සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

බස් කොන්දොස්තරවරුන්, ව්‍යාපාරිකයන්, රියදුරන් ඇතුළු සමාජයේ විවිධ පිරිස් විසින් ඇය අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

මෙන්ඩිස්ට සුපිරි බලපත‍්‍රයක්

සහල් උපයෝගී කරගෙන සැර මත්පැන් නිපදවීම සඳහා ‘මෙන්ඩිස් ඩිස්ටරලීස්’ සමාගමට විශේෂ බලපත‍්‍රයක් ප‍්‍රදානය කර ඇත.

මෙම බලපත‍්‍රය මෙන්ඩිස් සමාගමට ලබා දීම සඳහා ක‍්‍රියාකර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකි. මෙන්ඩිස් සමාගම නව ඉස්කාගාරය ආරම්භ කිරීමට තෝරාගෙන ඇත්තේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ බව දැනගන්නට ඇත.

ශ්‍රීලනිපය දෙකට කඩන්න එපා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත කටයුතු කළාට තමාට ගැටලුවක් නැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු නොකිරීමට වගබලාගත යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.