KP ට රටින් පිටවීමේ තහනම යළිත් දික් කරයි

වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ‍පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි නායකයා ලෙස පැවසුන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ට මෙරටින් පිටවීම තහනම් කරමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් මස විසිහය (26) වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (25) තීරණය කළේය.

කේ.පී. ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.

සරත් වීරවංශට රට යෑම තහනම්

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වසර 2009 දී පාර්ලිමේන්තු අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට ලබා දෙන වාහනයක් භාවිත කරමින් රුපියල් ලක්ෂ 84කට ආසන්න මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ රුපියල් ලක්ෂ 16ට ආසන්න මුදලක් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යාංශයෙන් ලබා ගත් බව කියන සිද්ධියට අදාළ සරත් වීරවංශ නැමැත්තාට විදෙස් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (25) තහනම් නියෝගයක් නිකුත් කළාය.

එම තැනැත්තා විදෙස් ගත වීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට එම නියෝගය යවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ජොනි හා මහින්දානන්ද අත්අඩංගුවට?

රාජපක්ෂ පාලන සමයේ සිදුවූවා යයි පැවසෙන වංචා දුෂණ කිහිපයක් සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපයතුලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මොවුන් දෙදෙනාට බරපතල චෝදනා ගණනාවක් ම එල්ලවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID ) විමර්ශන කිහිපයක්ම සිදු කෙරේ.

දැරියන්ගේ කන්‍යාභාවය නැතිකරන පූජකයා ! Video

කුඩා දැරියන්ගේ කන්‍යාභාවය නැති කිරීම සඳහා මුදල් අයකරනා පූජකයෙක් පිළිබඳව පුවතක් මලාවි රටෙන් වාර්තා වනවා.

මලාවි හි සම්ප්‍රදායන්ට අනුව වැඩිවියට පත්වන දැරියන් අදාළ පුජකයන් වෙත මුදල් ගෙවා යොමු කරන්නේ ඔවුන්ගේ දෙමව්පියන් විසින්.ඔවුන්ගේ දැඩි විශ්වාසය වන්නේ කාන්තාවගේ පිරිසිදු බව රැකෙන්නේ පුජකයෙක් සමඟ ලිංගික එක්වීමකින් පසුව බවටයි.

ප්‍රසිද්දියේ Sex කරලා මාට්ටු

විවිධ රටවල් හා බැඳුනු විවිධ සංස්කෘතීන් පවතින බව කවුරුත් දන්න කියන දෙයක්.

ඒ මොන දේ වුණත් තවත් පුද්ගලයෙක් ඉදිරියේ හෝ ප්‍රසිද්ධ ස්ථානයක සංසර්ගයේ යෙදීම කිසිම කෙනෙක් අනුමත කරන දෙයක්නම් නෙවෙයි.

ඒත් ඒ විදිහට කිසිම දෙයක් හිතන්නේ නැතිව ප්‍රසිද්දියේම ලිංගික සංසර්ගයේ යෙදුනු දෙදෙනෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.