වේලුපිල්ලේ ප්රභාකරන්ට පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි නායකයා ලෙස පැවසුන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ට මෙරටින් පිටවීම තහනම් කරමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් මස විසිහය (26) වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (25) තීරණය කළේය.
කේ.පී. ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.