තායිලන්තයේ පැවැති ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ තරගයේදි දෙවැනිස්ථානය හිමිකර ගැනිමට තම කණ්ඩායමට හැකිවූ බව ඩිලන්ත මාලගමුව සඳහන් කරනවා. ශ්‍රී ලංකා කොඩිය යටතේ ජාත්‍යන්තර තරග බිමට එක්වෙන ඩිලන්තගේ ඩිලන්ගෝ රේසින් කණ්ඩායමට ඊයේ දිනයේදී තෙවැනි ස්ථානයත්, අද දිනයේදී පළමු ස්ථානයත් හිමිව තිබේ.
කෙසේ වෙතත් අද තරගය ආරම්භ කිරිමට මත්තෙන් ඔහුට ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල්ගත වීමටත් සිදුව තිබේ. තරගය ආරම්භ වීමට පැයකට මත්තෙන් ඔහු රෝහලෙන් පිටතට පැමිණ ඇත.



