දියවැඩියාව නිට්‌ටාවට සුව කරගනිමු

වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය.

බුධ සිංහ රාශියට - ලග්න පලාපල

buda maruwa 2016
ග්‍රහ ලොව කුඩාම ග්‍රහයා බුධයි. හිරුට ඉතාම සමීපයෙන් ගමන් කරයි. බුධගේ ගතිගුණ කුඩා දරුවකුට සමානයි. සිරිත් විරිත් ගතිගුණ බුධට සංයෝගවූ අනෙක්‌ ග්‍රහයන්ගේ ගතිගුණ ගනී . බුධ කොයි කාටත් එක සමාන සේවයක්‌ සලසයි. ඉගෙනීමට බුධ දක්‌ෂයි. මතක ශක්‌තිය හොඳින් පවතී. ගණිත මිණිත විෂයයන්ට බුධ දක්‌ෂ වන්නේ උච්ච බලයෙන් හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටි විටය.

බුධට කන්‍යා රාශියේ දී උච්ච බලයත් ස්‌වක්‍ෂේත්‍ර බලයත් ලැබේ. මිථුනයට ස්‌වක්‍ෂේත්‍රයි. බුධ මිත්‍ර වන්නේ වෘෂභ, තුලා, මකර, කුම්භ යන රාශිවලටයි. සතුරු රාශි කටක, සිංහ රාශි වෙයි. මීනයට නීච වෙයි.

මඟීන් 25%කට බස් එපා වෙයි !

බස් රථවල ගමන් ගන්නා මඟීන් ප්‍රමාණය 25%කින් අඩු වී ඇතැයි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා පැවසීය.

2008 වසරේදී මුළු මඟීන් ප්‍රමාණයෙන් 65%ක් බස් මඟීන් වුවත්, 2016 වන විට ඒ ප්‍රතිශතය 40%ක් දක්වා අඩු වී ඇතැයිද පෙන්වා දුන් සභාපතිවරයා බස් රථවල ගුණාත්මක බව පිරිහීම හා පෞද්ගලික බස් රථ අතර මඟ බොහෝ වේලා නවතාගෙන සිටීම නිසා මඟීන් මෙසේ බස්රථවලින් ගමන් කිරීමෙන් ඉවත්ව, පෞද්ගලික වාහන කෙරෙහි ඇදී ගොස් ඇතැයි කීය.

ඩිනක්ෂිගෙ පෙම්වතා මාධවද?

එක එක කාලෙට එක එක පුවත් මවන ඩිනක්ෂි පෙම්වතියක් වෙලා කියලා අපිට වටින් පිටින් ආරංචි වුණා. ඒත් ඉතින් හොයල බලනකොට ඒ කතාව ඇත්තක්මත් නෙමෙයි කියලත් ආරංචි වුණා. ඒ කතාව එහෙම වෙද්දි අපිට ඩිනක්ෂි ගැන වෙන කතාවකුත් ආරංචි වුණා.

ඒ තමයි මේ වෙනකොට ඩිනක්ෂිගෙ හොඳම යාළුවා මාධව විජේසිංහ කියන එක. ඩිනක්ෂි කියන විදිහට දැන් ඒගොල්ලන්ගෙ යාළුකමට අවුරුදු ගාණක් වෙනවලූ. ඒත් ඉතින් ඒ යාළුකම යාළුකමක් විතරමලූ. දැනට නම් ඊට එහා දෙයක් දෙන්නා අතර නෑ කියල තමයි කියන්නෙ.

නිළියකගේ දෙවෙනි කසාදෙත් අවුල් ලු

රටේ නමක් හදාගත්තු එක්තරා ජනප‍්‍රිය නිළියක් දෙයියනේ කියලා දෙවැනි පාරටත් එයා වගේම දෙවැනි පාර කසාද බැඳපු කෙනෙක් හොයාගෙන පහුගිය කාලෙ මඟුල් කෑවා නේ. ඒත් ඉතින් ඒ විවාහයත් දැන් දැන් දෙදරන්න පටන් අරන් කියන දුක් පුවත කැලෑ පත්තරේට වාර්තා වුණා.

ඒකට හේතුව ඔය කියන නිළියගෙ දෙවැනි සැමියා එයාගෙ පළමු බිරිඳට ආයෙත් ආදරය කරන්න පටන් අරන් තියෙන නිසාලූනේ. නිළියට හොරෙන් එයාගෙ සැමියා පළමු බිරිඳ එක්ක එහෙ මෙහෙ රවුම් ගහන්න විතරක්ම නෙමෙයි රෑට රෑට ඩිනර්වලටත් හීනියට වගේ සෙට් වෙන්න පටන් අරන්ලූ. ඕං ඔය ප‍්‍රශ්නෙ හින්දා දැන් නිළිය නම් ඉන්නෙ කලකිරීමෙන් වගේලූ.