දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දී බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවෙක් උපත ලබයි.
ලෝකයේ ඉතාම අලංකාර ක්ෂීරපායී සත්ත්වයෙකු ලෙස සැලකෙන මෙම සත්ත්වයා දැඩි ලෙස වඳ වීයාමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතට ඇතුළත් සත්ත්ව විශේෂයකි.
මීට සති දෙකකට පෙර උපත ලැබූ මෙම පැටවා මේ වන විට හොඳ සුවයෙන් පසුවන බවත් එම පැටවා මවගෙන් කිරි උරා බොමින් සිටින බවත් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පවසයි.




