ඩිනක්ෂිගෙ පෙම්වතා මාධවද?

එක එක කාලෙට එක එක පුවත් මවන ඩිනක්ෂි පෙම්වතියක් වෙලා කියලා අපිට වටින් පිටින් ආරංචි වුණා. ඒත් ඉතින් හොයල බලනකොට ඒ කතාව ඇත්තක්මත් නෙමෙයි කියලත් ආරංචි වුණා. ඒ කතාව එහෙම වෙද්දි අපිට ඩිනක්ෂි ගැන වෙන කතාවකුත් ආරංචි වුණා.

ඒ තමයි මේ වෙනකොට ඩිනක්ෂිගෙ හොඳම යාළුවා මාධව විජේසිංහ කියන එක. ඩිනක්ෂි කියන විදිහට දැන් ඒගොල්ලන්ගෙ යාළුකමට අවුරුදු ගාණක් වෙනවලූ. ඒත් ඉතින් ඒ යාළුකම යාළුකමක් විතරමලූ. දැනට නම් ඊට එහා දෙයක් දෙන්නා අතර නෑ කියල තමයි කියන්නෙ.

නිළියකගේ දෙවෙනි කසාදෙත් අවුල් ලු

රටේ නමක් හදාගත්තු එක්තරා ජනප‍්‍රිය නිළියක් දෙයියනේ කියලා දෙවැනි පාරටත් එයා වගේම දෙවැනි පාර කසාද බැඳපු කෙනෙක් හොයාගෙන පහුගිය කාලෙ මඟුල් කෑවා නේ. ඒත් ඉතින් ඒ විවාහයත් දැන් දැන් දෙදරන්න පටන් අරන් කියන දුක් පුවත කැලෑ පත්තරේට වාර්තා වුණා.

ඒකට හේතුව ඔය කියන නිළියගෙ දෙවැනි සැමියා එයාගෙ පළමු බිරිඳට ආයෙත් ආදරය කරන්න පටන් අරන් තියෙන නිසාලූනේ. නිළියට හොරෙන් එයාගෙ සැමියා පළමු බිරිඳ එක්ක එහෙ මෙහෙ රවුම් ගහන්න විතරක්ම නෙමෙයි රෑට රෑට ඩිනර්වලටත් හීනියට වගේ සෙට් වෙන්න පටන් අරන්ලූ. ඕං ඔය ප‍්‍රශ්නෙ හින්දා දැන් නිළිය නම් ඉන්නෙ කලකිරීමෙන් වගේලූ.

දෙහිවල සතුන් වත්තේ දී ව්‍යාඝ්‍ර පැටවෙක් උපදී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දී බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවෙක් උපත ලබයි.

ලෝකයේ ඉතාම අලංකාර ක්ෂීරපායී සත්ත්වයෙකු ලෙස සැලකෙන මෙම සත්ත්වයා දැඩි ලෙස වඳ වීයාමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතට ඇතුළත් සත්ත්ව විශේෂයකි.

මීට සති දෙකකට පෙර උපත ලැබූ මෙම පැටවා මේ වන විට හොඳ සුවයෙන් පසුවන බවත් එම පැටවා මවගෙන් කිරි උරා බොමින් සිටින බවත් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පවසයි.

ආගමන විගමන හිටපු පාලකට ලක්ෂ 66ක දඩ

වසරක් ඇතුළත සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ දෙකක මුදල් හා රුපියල් ලක්ෂ විස්සක නිවෙසක හිමිකාරීත්වය දැරූ බවට අල්ලස් පනතේ දූෂණය නමැති චෝදනාවට වරදකරු කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පාලක ජයසිංහ ආරච්චිගේ ආරියසේන නමැත්තාගෙන් ඔහු හිමිකාරීත්වය දැරූ දේපළවල වටිනාකමින් තුන් ගුණයක් එනම් රුපියල් ලක්ෂ 66ක් දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ඊයේ (22) නියෝග කළාය.

පාගමන් ගියොත් බලාගත්තැහැකි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුමැතියකින් තොරව පක්‍ෂයේ නම භාවිත කරමින් පා ගමන් පැවැත්වීම නීති විරෝධී බවත්, එවැනි පා ගමනකට සහභාගි වන පක්‍ෂ සාමාජිකයන්ට ඉදිරියේදී සිදුවන දේ බලාගත හැකි වනු ඇති බවත් එම පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනුරාධපුර තිරප්පනේ පතිරාජගම නිවාස පනහ ගම්මානයේ පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයෙන් පසු මාධ්‍යවේදිනී නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.