කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය සේවා කටයුත්තක් හේතුවෙන් අද මධ්‍යහ්න 12 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 12 ක කාලයක් කොළඹ හා අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කළුපළුවාව, තලවතුගොඩ, ජයවඩනගම, මාලඹේ, හෝකන්දර , මහරගම, බොරලැස්ගමුව සහ කොළඹ 05 ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

බස් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

බස් ගාස්තු සංශෝධනයට අදාළ නව සේවා ගාස්තු සියල්ල ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

අධිවේගී මාර්ගයන්හි සහ අන්තර් පළාත් බස් සේවා ඇතුළු සියළුම ලංගම සහ පෞද්ගලික බස් සේවාවන්හි බස් ගාස්තු සංශෝධනය වනු ඇත.

ලබන අගෝස්තු මස 01වැනිදා සිට ක්‍රියාත්මක බස් ගාස්තු චක්‍ර ලේඛනය මඟින් අනුමත ප්‍රමාණයට වඩා මගීන්ගෙන් ගාස්තු අය කරන බස් ධාවකයන් පිළිබඳව දැඩිව ක්‍රියාකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඥාණසාර හිමි ජාතික රෝහලට

යාපනය විශ්ව විද්‍යාලයේදී අන්තවාදී සිසු පිරිසකගේ පහරකෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යාගේ සුවදුක් බැලීම සඳහා බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කරන ලදි.හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙත් එම සිසුවා ශල්‍යකර්මයකට ලක් කර ඇති අතර මේවන විට සුවය ලබමින් සිටී.

ඇමති දුවක් හෙට යුගදිවියට

ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ සිය ජීවිතයේ නව සංධිස්ථානයක් පසුකරමින් හෙට දින (22) විවාහ දිවියට පියවර ඔසවයි.

ඔහුගේ ජීවිතයේ අනාගත සහකාරිය ලෙස අත ගන්නා මනාලිය වන්නේ, එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතතාගේ ආදරණීය දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර මෙනවියයි.

අලි රෝෂාන්ගේ ඇතින්නක් අත්අඩංගුවට

කතරගම ඇසළ මංගල්‍යට පැමිණ පෙරහැරේ ගමන් ගත් සමාධි නම් ඇතින්න අද කතරගම ඇත් ගාලේ සිටිය දි වන ජිවි දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 17 ක් පමණ වන මෙම ඇතින්න සම්බන්දව 2014.08.31 වැනි දින කොළඹ මහා අධිකරණයේ (531313253-15) යටතේ මහරගම අංක 363 දරණ ස්ථානයේ පදිංචිව සිටින එස්.එන් රෝෂන්(අලි රෝෂාන්) නමති අයට එරෙහිව වන ජිවි දෙපාර්තමේන්තුවෙන් පැවරු නඩුවක් අනුව මෙම අලියා රුපියල් ලක්‍ෂ 50 ක ඇපයක් මත පෙරහැර වල් වලට පමණක් සහාභගි කරවීම පිණිස මුදාහැර තිබේ.