කොළඹ වරායට නව ගුදමක්

කොළඹ වරායෙහි ගුදම් (warehouse) පහසුකම් පුළුල් කිරීමට පියවර ගැනේ. එහි පළමු පියවර යටතේ ඉදිකෙරෙන CFS 01 ගුදම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරයට සමගාමීව ලබන මස 10 වැනිදා විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. 

වර්ග මීටර 5400 ක ප්‍රමාණයකින් යුක්ත එම ගුදම, අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කර ඉදිකෙරේ.

දෙවුන්දර පෙරහැරේ අලියෙක් කුලප්පු වෙච්ච හැටි

හත්සිය පනස් නවවන වරටත් සංවිධානය කරණු ලැබූ දෙවුන්දර ශී‍්‍ර උපුල්වන් දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ පැවැත්වුණා.

ඒ වෙලාවේ පෙරහරේ ගිය අලියෙක් කුලප්පු වෙලා ලොකු කලබලයක් ඇතිවුණා.

ප්‍රභුන් වෙනුවෙන් වෙන්කරනලද පීඨිකාව ආසන්නයහී දී තමයි මේ කලබලය වුණේ.

ලංකාවේ නිළියක් හොලිවුඩ් චිත්‍රපටියක

මේ ළඟදී අපිට ඉතාම සතුටුදායක ආරංචියක් ලැබුණු. ඒ තමයි ඉදිරියට තිරගතවීමට නියමිත Justice League චිත්‍රපටියේ ලංකාවේ එක්කෙනෙක් රඟපානවා.

මේක දැනගත්ත වෙලාවේ අපිට ගොඩක් සතුටු හිතුනා. මොකද අපි හැමෝම එනකල් බලාගෙන ඉන්න ෆිල්ම් එකේ අපේම රටේ කෙනෙක් ඉන්නවා කියන්නේ ඒක අපිට ලොකු ආඩම්බරයක්.

චමල් ඉවතට

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයකු වශයෙන් මීට පෙර පත් කර තිබූ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාව ඉන් ඉවත් කර එම ධුරය සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාව පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පසු ගිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් දෙකකදීම සම සභාපති ධූරය ඉසුලුවද ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ පත්වීම බාර ගෙන නොතිබූ නිසා අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම තනතුරට පත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

විමල්ගේ සොයුරා අද අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොයුරු සරත් වීරවංශ මහතා අද දිනයේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස අධිකාරියේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.