යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්දයෙන් සහජීවනයට අපුරු පිළිතුරක් සහ හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය face book සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.
“යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි.
තවත් කිහිප දෙනකු ද මෙය හුදකලා අහඹු සිදුවීමක් ලෙස හුවා දක්වා තිබුණි. මෙය කිසිසේත් හුදකලා සිදුවීමක් නොවේ. සිංහල සිසුන්ට සිංහල වීම නිසාම දැඩි අසාධාරණයක් යාපනයේදී සිදු වන බවට අප සතුව බොහෝ සාක්ෂි ඇත.මේ ගැන කතා කිරීමම සහජීවනයට බාධාවක් බව මා ඇමතු ඇතැම්හු පැවැසුහ.