ආණ්ඩුවට ජනසටන් භීතිකාව

ජූලි 28 වන දින වනවිට ඒකාබද්ධ විපක්ෂයේ හත් දෙනෙකු රිමාන්ඩ් කිරීමට සැලසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

තමා රිමාන්ඩ් ගත කරන දෙවෙනි නිවාඩුවටද මේවන විට කටයුතු යොදමින් සිටින බව ගම්මන්පිල මහතා කියා සිටියේ අද(19)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඇසළ පෝයට බස් ගාස්තු දන්සැලක්

අද(ජූලි 19) යෙදී තිබෙන ඇසළ පොහොය නිමිත්තෙන් මාර්ග අංක 285 පුද්ගලික බස් රථ නොමිල සේවාවක් අරඹා තිබෙනවා.ඒ අනුව එම බස් රථවල ගමන් ගන්නා සියලූම මගීන්ට උදේ 5.30 සිට සවස 7 දක්වා ගමන් කිරීමේදී බස් ගාස්තු අය නොකර නොමිලේ රැගෙන යාම සිදු කරනු ලැබේ.

මේ ආකාරයට ඇතැම් බස් රථ පොහොය දිනයට දන්සැල් සේවා ක‍්‍රියාත්මක කිරීම විවිධ අවස්ථාවල දක්නට ලැබුණත් සාමූහිකව තනි මාර්ග අංකයක සියලූම බස් රථ මේ ආකාරයට කටයුතු කිරීම විරල දසුනක් වී තිබේ.

මිනිබිරියට අතවර කළ සීයා අත්අඩංගුවට

වයස අවුරුදු 77 ක සීයා කෙනෙකු තම නිවසේ ඇති දැඩිවුන 13 හැවිරිදි මිනිබිරියට අතවර කර ඇති බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වාර්තාවන අන්දම සිද්ධිය මෙසේය. අතවරයට ලක්‌වූ දැරියගේ පියා ටික කලකට පෙරදි මියගොස්‌ ඇත.

ඉන්පසු දැරියගේ මව වෙනත් විවාහයක්‌ කරගෙන දැරිය සහ ඇගේ 17 හැවිරිදි සොයුරාද සීයාට සහ ආච්චිට බාරදී ගමෙන් පිටව ගොස්‌ ඇත. පසුව දැරිය සහ ඇගේ සොයුරා සැකකාර සීයාගේ බාරයට පත්කර ඇත.

බැසිල් විශේෂ සිර මැදිරියක

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරියක රඳවා ඇත.රිමාන්ඩ් බන්ධනාගාරයේ (H) වාට්ටුවේ රඳවා සිටින බැසිල් රාජපක්ෂ මහතාට විශේෂ ආක්ෂාවක් ද ලබාදී තිබේ.

ඊයේ (18) පස්වරු 6.00ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (18) රාත්‍රී බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාරවේල භුක්ති විඳි බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියයි.

විමල් ජම්පරයක් මහලා

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පුත් යදාමිණි ගුණවර්ධන හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරියගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේය. 

මහින්ද සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ඊට සහභාගී වූහ. මහින්ද සමග විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ එකම මේසයේ විය. කොළඹ රාජකීය විද්‍යාලයේදී දිනේෂ් සමග එකම පන්තියේ ඉගෙනුම ලැබූ රනිල් පැමිණි විට දිනේෂ් ඔහු කැඳවාගෙන ගියේ මහින්ද සිටි මේසයටය.