ආනයනික සීනි මිල පහල යයි

සීනි සඳහා පනවා ඇති ආනයන බදු පහළ දමා තිබේ.මුදල් අමාත්‍යාංශය පැවසුවේ එය අද මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක බව ය.

ඒ, අනුව රුපියල් 30ක්ව පැවති ආනයන බද්ද රුපියල් 29යි සත 75කින් අඩු කර තිබේ.නව බදු සංශෝධනය අනුව සීනි සඳහා වන ආනයන බද්ද සත 25ක් වනු ඇති.

නිරුවත් තරුණියක් මහ පාර මැද (VIDEO)

පසුගිය දා නිව්යෝක් නගරයේ අමුතුම සිදුවීමක් වුණා.

ඒ සම්පූර්ණයෙන්ම නිරුවත් වූ තරුණියක් ප්‍රධාන මාර්ගයක් මධ්‍යයේ තම අඟපසඟ ප්‍රදර්ශණය කරන්නට පටන් ගැනීම යි.

මාධ්‍ය නම් සඳහන් කරන්නේ අදාළ තරුණිය මත්ද්‍රව්‍ය භාවිත කළ නිසා මෙළෙස හැසිරී ඇති බව යි.

කෙසේ වෙතත් ඇයව ඉවත් කරන්නට පොලීසියටත් පොඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.

මර්වින්ගේ අලුත්ම වැඩේ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය කුළුඳුල් චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වේ.   චිත‍්‍රපටයේ නම ‘ජගුවාරා’ වන අතර මෙහි සියලූ රූගත කිරීම් ඇමෙරිකා එක්සත් ජනපදයේ දී සිදු කිරීමට නියමිතව ඇත.

ජගුවාරා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය දිනේෂ් ප‍්‍රියසාද් මහතා විසින් කරනු ලබන අතර එහි නිෂ්පාදක වශයෙන් කටයුතු කරන්නේ මර්වින් සිල්වා මහතාය. 

3කට මරු කැඳවූ මාරක රිය අනතුර (VIDEO)

මාතර - කොළඹ ප්‍ර‍ධාන මාර්ගයේ හබරාදූව කහවැන්නාගම හංදිය ආසන්නයේ දී ත්‍රිරෝද රථයක් හා පුද්ගලික බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු මාරක රිය අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ දෙදෙනෙකු ඇතුලු 03දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ත්‍රිරෝද රථයේ ගමන්ගත් තවත් තරුණයෙක් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රොහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඊයේ (17) රාත්‍රී 10.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල බූස්ස රිල්ලබ ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකි.

නාමල් උදෙන්ම උසාවියට ඇවිත් Video

මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මීට ටික වේලාවකට කළින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තියෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ පහුගිය 11 වැනිදායි.

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනා ආ හැටි පහතින් බලන්න…