රටටත් ජනපතිටත් අපලයි

රාමසාන් ගව සංහාරය රටටත් ජනපතිටත් අශුභයි.

ජනතාවගේ සිත් කුපිතවේ.
ස්වදේශිකයින්ට/භික්ෂූන් වහන්සේලාට අභියෝග කිරීමට/නින්දා කිරීමට, වන සහ සත්ව සංහාරයන්ට කුජ පිළිතුරු දීමට උත්සහ ගනී.
පෙර මෙන් ජලයෙන් ගින්නෙන් වතුරෙන් රටට බලපෑම්???
භූමිපුත්‍රයින්ට කුජගේ / කතරගම ‍දෙවියන්ගේ සහය….

කුජ ග්‍රහයා යනු යුද්ධයට අධිපති, ලෙයට අධිපති මෙන්ම ග්‍රහ මණ්ඩලයේ සෙන්පතියාය. භූමිපුත්‍ර කාරකයාය. ශනි සමග වෘෂ්චිකයේ ගමන්කල කුජ වක්‍රවීම නිසා ජූනි 17 දින තමන් පෙර සිටි රාශිය වන තුලාවට ඇතුල්වූ අතර නැවතත් නිවෘත වී ජූලි මස 12 වන දින සිය ස්වක්ෂේත්‍ර රාශියක් වූ වෘෂ්චිකයට එළැඹෙයි. 

ගෝනෙක්‌ මස්‌ කළ හිටපු UNP මන්ත්‍රී

නුවරඑළිය මීපිළිමාන, කන්දේඇළ රක්‍ෂිතයේ සිටි දැවැන්ත ගෝනෙකු හලාවත වෙන්නපුවේ සිට පැමිණි ව්‍යාපාරිකයින් තිදෙනකු විසින් ඊයේ (04) අලුයම් 03.00 ට පමණ වෙඩි තබා ඝාතනය කොට එම ගෝනාව දෙකට කපා කැබ් රථයක පටවාගෙන හලාවත වෙන්නප්පුව දක්‌වා රැගෙන යැමට දැරූ උත්සාහයක්‌ කන්දේඇල විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී පො.ප. මලුන හෙට්‌ටිආරච්චි මහතා ප්‍රධාන පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

හලාවත, වෙන්නප්පුවේ හිටපු ප්‍රා. සභා එජාප මන්ත්‍රී ඇතුළු ව්‍යාපාරිකයින් තිදෙනෙකු විසින් 58-1596 දරණ කැබ් රථයෙන් නුවරඑළිය පැමිණ මීපිළිමාන, කන්දේඇල රක්‍ෂිතයේ නිදැල්ලේ ගැවසුනු දැවැන්ත ගෝනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. 

පොලීසියේ 14ක් ඉහළට

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇති අතර එම පත් කිරීම්වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය හෙට(05) පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

එම පත් කිරීම්වලට අදාළ පොලිස් නිලධාරීන් පහත පරිදි වේ,

ජනපති ඇමති රොත්තක් සිර කුඩුවට දමයි VIdeo

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ මාතර සුරාබදු අධිකාරි කාර්යාලය විවෘත කල පසු එහි තිබූ නව සිරමරුදියද විවෘත කලේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එතුලට දමා දොර වසා දමිමිනි.

ඇමති දයාසිරි ජයසේකර, දකුණු මහ ඇමති ශාන් විජේලාල් සිල්වා, ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මන්ත‍්‍රී බුද්ධික පතිරණ, පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එසේ ජනාධිපතිවරයා විසින් තාවකාලිකව සිර මැදිරියට දමා දොර වසන ලදී.

ජෝර්ජ් මාස්ටර් නිදහස්

කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් ඔහුට එරෙහි පරීක්ෂණයෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (4) නියෝග කළේය.

නීතිපති උපදෙස් අනුව මේ පියවර ගත් බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ලේකම් දයා මාස්ටර් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් නඩුව දෙසැම්බර් 5 වැනිදා තෙක් කල් තැබිණි.