සිමෙන්ති මිල නගියි

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400ත් - 500ත් අතර ගණනකින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තිරණය කර තිබේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ත් 2850ත් අතර මිලකට අලෙවි වී තිබේ. රුපියල් 900ක අගයක පැවැති සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට තුන් ගුණයකටත් වඩා ඉහල අගයකින් වැඩි වී තිබේ. හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රි ලංකාවට අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමට හැකි බවත් ඒ අනුව සිමෙන්ති මිල ඉහළ යෑම පාලනය වන බවත් රජයේ හිටපු අමාත්‍යවරුන් මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.