බේකරි කෑම නිෂ්පාදනය 50% කින් පහළ බසී


තිරිඟු පිටි ඇතුළු බේකරි නිෂ්පාදන ද්‍රව්‍ය අධික ලෙස මිල ඉහළ දැමීමෙන් සියලුම බේකරි නිෂ්පාදන දෛනිකව 50% කටත් අඩුවෙන් නිෂ්පාදනය කිරීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා  ඊයේ (22 දා) පැවසීය.

පවතින ගෑස්, ඉන්ධන අර්බුදය මේ සඳහා දැඩි සේ බලපාන බවත් ඔහු කීය. නිෂ්පාදනය මෙන්ම අලෙවිය ද ඉතාමත් අවම මට්ටමක පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

වැඩිදුරටත් ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ මහතා මෙසේ කීවේය. ‘බේකරි නිෂ්පාදනවලට නියමිත පාලන මිලක් නැහැ. සමහර ප්‍රදේශවල ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 150 – 160 ක් අතර ගණන් වලට අලෙවි කරනවා. සමහර බේකරි නිෂ්පාදන වැඩි මිලට සමහර අය අලෙවි කරනවා. හේතුව පාලන මිලක් නොමැතිකම අප සංගමයට පාලන මිලක් නියම කරන්න බැහැ.

ධර්මසේන වැලිපිටිය