බර අඩු කර ගත්තොත් ආයුෂ වැඩියි

බර පාලනය කිරීමට නොහැකි වීම, වර්තමාන සමාජයේ ‍‍බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවකි . ඒ නිසා ම, බෝ නොවන රෝග වැළඳීම ද වැඩිවී තිබේ. සිරුරේ බර මනාව පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා, ආයු කාලය අඩු වන බව බටහිර වෛද්‍ය පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ.

පුද්ගලයකු ආහාර ගැනීමෙන් උදරය පුරවා ගත යුත්තේ 80% ක පමණ ප්‍රමාණයක් බව වෛද්‍යවරු තම පර්යේෂණ මඟින් සනාථ කරගෙන ඇත. උදරය 100% ක් ආහාරවලින් පුරවා ගතහොත්, සිරුරේ බර අසාමාන්‍ය ලෙස වර්ධනය වේ.

සෑම දිනකම උදෑසන නැගිටීමෙන් පසු,ජලය මිලි ලීටර 750 ක් පානය කළ යුතු ය. එම ජලයට දෙහි යුෂ මිශ්‍ර කිරීමෙන් සිරුරේ මේදය දහනය වේ. එමෙන් ම, දෙහි යුෂ මිශ්‍ර කරන ලද ජලය මඟින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියා මනාව සිදු වේ.

සෙමින් ආහාර ගැනීම සිරුරට වඩාත් හිතකර ය . උදෑසන,දහවල් හෝ රාත්‍රී අහාර ගත් විගසම ජලය පානය කිරීම ද නොකළ යුතු ය. දවස ඇතුළත දී හැකි තරම් සිරුරට ගුණදායක පාන වර්ග පානය කිරීමේ පුරුද්දක් ඇති කර ගැනීම ද වඩාත් සුදුසු ය. ඒ මඟින්, දීර්ඝ කාලයක් පුරාම නිරෝගී සුවයෙන් සිටීමට හැකි බව, අමෙරිකානු වෛද්‍යවරුන් පර්යේෂණ මඟින් සනාථ කරගෙන ඇත.

නිරෝගී පුද්ගලයකු වුව ද සතියකට දවස් දෙකක් පමණ ඇවිදීම,දීවීම හෝ පිහීනීම වැනි කුමනාකාරයේ හෝ විනෝදාංශයක් කිරීමට හුරු විය යුතු ය. සිරුරේ බර ප්‍රමාණය වැඩි පුද්ගලයකු අවම වශයෙන් සතියකට skipping rope මඟින් පියවර 700 ක් පමණ පැනීමට පුරුදු වීමෙන්, තමන්ගේ බර ප්‍රමාණය අඩු කර ගත හැකි ය. පුද්ගලයකුට අවම වශයෙන් දිනකට පැය 08ක් පමණ නිදා ගැනීම ද අවශ්‍ය ය.



අන්තර්ජාලය ඇසුරිනි