හම්බන්තොට උද්ඝෝෂණයට කඳුළු ගෑස්

ඒකාබද්ධ විපක්ෂය විසින් අද (06) දිනයේදී හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට දී පැවැති උද්ඝෝෂණය අතරතුර කලහකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ද එල්ල කර තිබුණි.

මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් තිදෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ හා මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ද මෙම උද්ඝෝෂණයට එක්විය.