ධනුෂ්ක ට තරග තහනමක්

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 6 ක තරඟ තහනමක් සහ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමෙන් 20% ක මුදලක් දඩයක් ලෙස අය කර ගැනීමට තීරණය කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද (5) නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ :


පසුගිය දා අවසන් වූ ඉන්දියානු තරඟ සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ 30(a)(ii) සහ 30 (b) යන වගන්තී සහ ක්‍රිකට් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමේ 3.1.2, 3.1.9, 3.3.1 සහ 3.4 යන වගන්තීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 6 ක තරඟ තහනමක් සහ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමෙන් 20% ක මුදලක් දඩයක් ලෙස අය කර ගැනීමට තීරණය කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද (5) නිවේදනය කරන ලදී.

මෙම තරඟ තහනම 2017 සැප්තැම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවට වෙතට එහි ව්‍යවස්ථාවේ 30(c) යටතේ පැවරී ඇති බලතල අනුව සහක්‍රීඩක ගිවිසුමේ 10.3 වගන්තියේ අන්තර්ගත ප්‍රතිපාදන ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇත.

ඉදිරිපත් කල චෝදනා සඳහා ගුණතිලක මහතා වර්ෂ 2017 සැප්තැම්බර් මස 29 වන දින වරද පිළිගන ඇත.