පකිස්තානය 2-0 ලෙස ඉදිරියෙන්

උපුල් තරංගගේ දක්ෂ පිතිහරඹය අභියස වුවද, අබුඩාබි හි දෙවැනැ එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 32 කින් පරාජය කිරීමට පකිස්තානය ඊයේ (16) සමත් විය.

මේ සමග පකිස්තානය තරගාවලියේ 2-0ක් ලෙස ඉදිරියෙන් සිටියි.

ලකුණු 220 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 93 ක් පමණක් වුවද උපුල් තරංග හා ජෙෆ්රි වැන්ඩසේ අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සබඳතාවක් පිහිටුවීමට සමත්විය.

තරංග පරණවිතානට ශතකයක් රැස් කළ නමුත්, ශ්‍රී ලංකා පිලේ සියල්ල දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 187 ක් පමණි.

එක්දින තරගාවලිය පරාජය නොවීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරි තරග දෙකම ජයගත යුතු වේ.
මෙම පරාජය ශ‍්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලබාගත් 09 වැනි එක්දින තරග පරාය වෙයි.එමෙන්ම වසරක් තුලදී කණ්ඩායමක් ලද වැඩිම තරග පරාජ ගණනද ශ‍්‍රී ලංකාව සම කර ඇත. මෙම වසරේදී ශ‍්‍රි ලංකාව තරග 16ක් පරාජය වී ඇත්තේ තරග තරග 23කට සහභාගී වෙමිනි.මීට පෙර මෙම වාර්තාව තබා තිබුනේ 1994දී නවසීලන්ත පිල වසරක් තුලදී තරග 27ක් ක‍්‍රීඩා කර ඉන් 18ක් පරාජයට පත් වීමෙනි.