හෙට T20 තරගයට ශ්‍රී ලංකා පිල නම් කරයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරගාවලිය නිමා කරමින් පවත්වනු ලබන එකම විස්සයි - 20 තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම්කරන ලද අතර උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් කර ඇත.

හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී (7.00 ට ආරම්භ වන) තරගයක් ලෙස පැවැත්වෙන විස්සයි - 20 තරගය සඳහා තෝරාගෙන ඇති සංචිතයට
දසුන් චානක, ජෙෆ්රි වැන්ඩර්සේ, ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න සහ විකුම් සංජය යන එක්දින සංචිතයට නොසිටි ක්‍රීඩකයන් ඇතුළත් කර ඇත. තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේදී හා තරග 5කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී කිසිදු තරගයක් ජයග්‍රහණය කරන්නට නොහැකි වූ ශ්‍රී ලංකා පිලට හෙට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එකම විස්සයි - 20 තරගයෙන් හෝ ජයගන්නට අපේක්ෂාවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේය. උපුල් තරංග (නායක), ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්ෂාන් මුණවීර, දසුන් චානක, මිලින්ද සිරිවර්ධන, වනිදු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ, ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්මාල් විකුම් සංජය. මීට අමතරව ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ මස 28දා සිට ඔක්තෝබර් 10දා දක්වා පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට අදාළව 25 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ ප්‍රකාශයට පත්කරන ලදී. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් මෙම ටෙස්ට් සංචිතයට ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, ෂාමින්ද එරංග හා ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් කලකට පසුව ඇතුළත් කිරීමද විශේෂත්වයකි.