සතියේ ලග්න පලාපල


මේෂ – බාධා මැද දියුණුව
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී බාධා අවහිරතා මධ්‍යයේ වුවද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. අලුත් අමුතු දේවල් ඉගෙනීමට අවස්ථාව සැලසේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක්ද උදා කරනු ඇත. සාමාන්‍ය දියුණුවක් ලැබිය හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක වේ. දරුවන්ගේ කටයුතු සාර්ථක අන්දමින් සිදුවේ. යුගදිවිය යහපත් වේ. තමාගේ වාසියට කතා කිරීමට ඉඩ සැලසේ. ආගම ධර්මයටද භක්තිමත් කරයි. මිල මුදල් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුය.
ජය වර්ණය – රතුජය අංකය – 09

වෘෂභ – අවහිරතා
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග සකසා ගනී. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. විටෙක ආදායම් මාර්ගවලට අවහිරතා ඇති කළ හැක. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. ඔවුන්ගේ කටයුතු කෙරෙහි දැඩි අවදානයෙන් පසුවිය යුතුය. අධ්‍යාපන අංශවල නියුක්ත අය ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. විටෙක සංකීර්ණ රෝගාබාධයන්ට ඉඩ පවතී.
ජය වර්ණය – නිල්ජය අංකය – 06

මිථුන – මිශ්‍රපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී විටින් විට බාධා අවහිරතා, ගැටලු ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබයි. වාසි සහගත තත්ත්වයක් උදාවේ. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂයද ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටීම සුබයි. ඉගෙනීමේ කටයුතුවල නියුක්ත වූ අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක්ද උදා කරයි. ආගමික සහ සමාජීය කටයුතුවලට සිත ඇදී යයි.
ජය වර්ණය – කොළජය අංකය – 05

කටක – කල්පනාකාරී වන්න
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී විටින් විට තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි නිසා ඉතාමත්ම කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ආදායම් මාර්ග කිහිපයක්ද උදා කරනු ඇත. ආදායම් ලැබුනද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවශ්‍ය පසුතලය සකස් වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය – ක්‍රීම් පාටජය අංකය – 02

සිංහ – ක්‍රියාශීලී වේ
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පුළුල් කරගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වාතාවරණයක් උදා කරයි. ආර්ථික සහ මූල්‍යමය කටයුතුවලදී එනම් මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. උෂ්ණ රෝග, ත්‍රිදෝෂ, බඩවැල් රෝග, පාදවලට පීඩා, ‍ලේ දූෂ්‍යාබාධවලට ඉඩ පවතින නිසා තරමක් කල්පනාකාරී වන්න. අනතුරු පීඩාදියට ඉඩ පවතී.
ජය වර්ණය – රතුජය අංකය – 01

කන්‍යා – බලා‍පොරොත්තු ඉටුවේ
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යම් යම් ලාභ හිමිකර ගනී. තමාගේ ආර්ථික සහ ධන තත්ත්වය යහපත් වේ. කෙසේද වුවත් මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය හා උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගනු ඇත. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුද යහපත්ය. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට සුබයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාවද සැලසේ. ආගමික අංශයට නැඹුරු වී ක්‍රියා කරන්න.
ජය වර්ණය – කොළජය අංකය – 05

තුලා – මිශ්‍රපලදායකයි
තමාගේ කටයුතු කරගෙන යෑමේදී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් තරමක් බුද්ධිමත්ව කටයුතුවල යෙදීම සුබයි. නොඑසේ නම් වැඩකටයුතුවල ආකූලතා ඉස්මතු කළ හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් නම් එතරම්ම සුබදායක නොවේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට ඉටුවේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍යයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. විටෙක ඉගෙනීමේ ආසාව තරමක් අඩුවිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් විය යුතුයි. ආගමික අංශයටද සමාජීය අංශයටද නැඹුරු වී ක්‍රියා කරන අතර ඒ තුළින් සහනයක් සැනසීමක් ලැබිය හැක.
ජය වර්ණය – නිල්ජය අංකය – 06

වෘශ්චික – දියුණුවට බාධා එයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. මිල මුදල් සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී විටින් විට බාධා අවහිරතාවන්ට ඉඩ නැත්තේද නොවේ. එම නිසා අන්‍යයන් සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්න. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. ශාස්ත්‍ර ආරම්භයට සුදුසු දිනයකි. ඉගෙනීමේ ආසාව වැඩි කරන දිනයක් වේ. ආගමික අංශයට නැඹුරුව ක්‍රියා කිරීම තුළ සහනයක්ද, සැනසීමක්ද උදා කරයි. ගමන් බිමන්වලදී තරමක් ප්‍රවේශම් වන්න.
ජය වර්ණය – රතුජය අංකය – 09

ධනු – උසස්වීම්
තම තත්ත්වය කිසියම් අන්දමකට උසස් වනු ඇත. කරගෙන යන කටයුතු පටන්ගෙන කරන කටයුතුවල දියුණුවත්, අභිවෘද්ධියත් ලබාගනී. ගෙදරදොර කටයුතුවලදී සාර්ථකයි. සමගිය, සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. වෘත්තීය කටයුතුවලදී උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරනු ඇත. ආගමික සහ සමාජීය වශයෙන් සුබදායකයි. යහපතක්ද සැනසීමක්ද ලබයි.
ජය වර්ණය – රන්වන්ජය අංකය – 03

මකර – සුබයි
ශරීර සනීපය ඇතිවේ. සිත් සතුටට කරුණු යෙදේ. මිල මුදල් පිළිබඳව ලාභ ලැබේ. වෙළෙන්දන්ට වඩා ලාභ ගත හැකි බඩු සපයා ගැනීමට ඉඩ ලැබේ. සතුරු කරදර, බාධා ඉස්මතු වුවද ඒවා මැඬපවත්වා ගෙන තමාගේ කටයුතු සාර්ථක කරගනී. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී තමාගේ උත්සාහයේ සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ආගමික සහ සමාජීය අංශයන්ට තම නෙත් සිත් යොමුවේ. ඒ තුළින් සාමයද සැනසීමද ලබනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සුබදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ.
ජය වර්ණය -නිල්ජය අංකය – 06

කුම්භ – දියුණුවක්
ආර්ථික සහ මූල්‍යමය තත්ත්වය ක්‍රමයෙන් යහපත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට දියුණුවක්ද අභිවෘද්ධියක්ද ලබයි. විටෙක අනපේක්ෂිත ලැබිම්වලට ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළද ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කරගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. ඉගෙනීමේ කටයුතු යහපත් වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආගමික සහ සමාජීය කටයුතුවලට සුබයි. ප්‍රිය සම්භාෂණවලට උත්සවවලට සහභාගි වේ. ඒ තුළින් සාර්ථක තත්ත්වයක් උදා කරයි.
ජය වර්ණය – නිල්ජය අංකය – 08

මීන – සමපලයි
උසස් නිලධාරීන් සමග කටයුතු කරගෙන යෑමේදී ඉතාමත් විමසිලිමත්වද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අය කල්පනාකාරී වන්න. නොඑසේ නම් අලාභහානිවලට ඉඩ ඇතිකළ හැකි බැවිනි. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවූවද ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක නොවේ. ණයතුරුස් වීමේ ඉඩක්ද පවතී. ගෙදරදොර කටයුතු වලදී ඉවසීමෙන් ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. සංකීර්ණ රෝගාදියට ඉඩ පවතින බැවිනි.
ජය වර්ණය – රන්වන්ජය අංකය – 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල