ශලනි මුනිවත බිඳියි - ෆේස්බුක් සටහන මෙන්න

පසුගියදා සියිදිවි නසාගත් යොවුන් නළු දසුන් නිෂාන් පිළිබඳව රංගන ශිල්පිණි ශලනි තාරකා ඇගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

‘‘ඔයා වෙනුවෙන් ගිරිය කඩන් කෑගහන එකෙක් හරි ඔයාගේ දුක අහන්න එදා හිටියානම් අද ඔයා තාමත් ජීවත් වෙනවා දසුන්‘‘ යනුවෙන් එහි සඳහන්ව තිබෙනවා.

තම පුත්‍රයා සහ ශලනි තාරකා අතර ප්‍රේම සම්බන්ධයක් තිබූ බවට දසුන්ගේ මව ඊයේ (26) මරණ පරීක්ෂණයෙදී සාක්ෂි දෙමින් පවසා තිබුණා.

ඔහු පසුගිය කාලය පුරාම ශලනි සමගින් විවාහ වීමට අවශ්‍ය යැයි පවසමින් තමාට කරදර කළ බවත් එයට තමාගේ කැමැත්ත හිමි නොවුණ බවත් ඇය එහිදි සඳහන් කර තිබුණා.

දසුන් විවාහකයෙකු වන අතර ශලනි සමග ඇති සම්බන්ධය පිළිබඳ පවසමින් තමාටද කරදර කළ බව බිරිඳද පවසා තිබුණා.

ශලනිගේ ෆේස්බුක් සටහන පහතින්..