ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ඉහළ දැමීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.

එහි ලේකම් චින්තක ලොකු හෙට්ටි මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා ගෑස් සමාගම් වෙත පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ඇතුළත් ලිපි යොමු කළ බව ය.ඒ, අනුව ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනු ඇති.