විජයදාස රතන හිමි එක්ක කරළියට

හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සහ ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය එක්ව නව ජාතික බලවේගයක් නිර්මාණය කිරීමට සැරසෙන බව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

මේ සඳහා දැනටමත් මූලික සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත. වත්මන් රජය ගෙන යන පෞද්ගලිකකරණ වැඩපිළිවෙළට හා යහපාලන මූලධර්මවලට පටහැනිව කරන ක්‍රියාවන්ට එරෙහිව සංවිධානය වී සත්‍ය හෙළිදරව්කරමින් ඉදිරි කාලයේදී ක්‍රියාකිරීම ඔවුනගේ අරමුණ බව සඳහන්ය.

මේ සඳහා දැනටමත් දිවයින පුරා ප්‍රධාන පන්සල් රැසක නායක ස්වාමීන් වහන්සේලා 34 නමක් හා තවත් පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් සමඟද සාකච්ඡා පවත්වා ඇතැයි දේශයට වාර්තා වෙයි.