ලංකාවට ලකුණු 168ක පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168ක පරාජයක් ලැබීය. ලකුණු 375ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණි.

මැතිව්ස් ලකුණු 70ක් රැස්කළ අතර සිරිවර්ධන ලකුණු 39ක් රැස් කළේය. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී කුල්දීප්, පාණ්ඩ්‍යා හා භුම්රා කඩුලු දෙක බැගැන් දවාගත්හ.

ඉන්දියාව එක්දින තරගාවලියද 4-0ක් ලෙස ඉදිරියෙන් සිටියි.