සංවේදී වූ මරික්කාර්ගේ FB සටහන

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමග දේශපාලඥයන්ට සමාජය තුලින් බරපතල විරෝධයක් එල්ලවිය.

ඔවුන් අතරින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාට ද සමාජජාල මාධ්‍යයන් හරහා දැඩි ලෙස චෝදනා එල්ල වී තිබිණ.

ජාතිවාදී මුහුණුවරකින් යුතු වූ එම විවේචන සම්බන්ධයෙන් ඔහු සිය මුහුණු පොතේ සංවේදී සටහනක් තබා ඇත.

කිසියම් ජාතියකට පමණක් පක්ෂග්‍රාහිව කටයුතු නොකිරීම තමා කල වරදක් දැයි විමසමින් ඔහු තැබූ එම සටහන පහතින් දැක්වේ.