ගෝල්පේස් පිටිය පිරවීමේ ප්‍රෝඩාවක් මාට්ටුවෙයි

මහින්ද පිලේ මැයි රැලිය පැවැත්වීම සඳහා ඉල්ලා තිබූ ගාලුමුවදොර පිටියේ වේදිකාව ඉදිකිරීමට ලබා දී තිබූ සීමාව පසුකරමින් පිටිය මැදට ගෙන එය ඉදිකිරීමට තැත් කර ඇතැයි වාර්තා වේ.

මැයි රැලියට පැමිණෙන සෙනග පිරවීම සඳහා ගොල්පේස් පිටිය සම්පූර්ණයෙන් යොදා නොගෙන එහි භාගයක් පමණක් යොදා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස මෙලෙස පිටිය මැදට ගෙන වේදිකාව ඉදිකිරීමට ඔවුන් කටයුතු කර ඇත.

කෙසේ නමුත් ගාලුමුවදොර පිටියේ වගකීම භාරව කටයුතු කරන වරාය කලමණාකරණ සහ උපදේශනසේවා පෞද්ගලික සමාගම විසින් එම පිටිය ලබාදීමේදී එකඟතාවට පැමිණ ඇති ගිවිසුමේ කොන්දේසි කඩකරමින් නියමිත ස්ථානයට පිටින් වේදිකාව ඉදිකිරීමට විරෝධය දක්වා ඇත.

එහිදී එම වේදිකාව ඉදිකිරීමේ කටයුතුවල නිරත සේවකයන් පවසා ඇත්තේ ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පැමිණ මෙම වේදිකාව පිටය මැදට ගෙන ඉදිකිරිමට නියෝග කළ බවය.