සමයං ඝාතනය : ‘අල බෝ‍ලේ’ අත්අඩංගුවට

තුරු කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථ දෙකකට ප්‍රහාරයක් එල්ල කර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සහ පාතාල නායක ‘සමයං’ ඇතුළු පස් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පිරිසට අනුබල දීම සහ සැඟවී සිටීමට වාසස්ථානයක් ලබාදීම සම්බන්ධව පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් රත්මලාන ප්‍රදේශයේදී පෙරේදා (04) අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර,කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වික්‍රමසිංහගේ දොන් සමිත් චානක හෙවත් ‘අල බෝ‍ලේ’ නමැති අයෙකි.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව සැලසුම් කිරීමට යොදාගත් ජංගම දුරකථන දෙකක්ද සැකකරු සතුව තිබි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (05) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඉකුත් පෙබරවාරි මස 27 වැනිදා කළුතර බන්ධනාගාරයේ සිට රැඳවියන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස්රථ දෙකකින් රැගෙන යන අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කෙරිණි.

සාලිය කුමාර ගුණසේකර