නාගයකු සමඟ සෙල්ෆි ගහලා මරුට!

විෂකුරු නාගයකු සමඟ සෙල්ෆි ඡායාරූපයක්‌ ගැනීමට ගිය ඉන්දියානුවෙක්‌ එම නාගයාගේ සපා කෑමට ලක්‌වී මරුමුවට පත්වී ඇත. නයි නටවන්නකු විසින් ගෙන ආ මෙම නාගයා සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින අවස්‌ථාවේ නාගයා එම තැනැත්තාගේ කන සපාකන අයුරු ඡායාරූපවල දැක්‌වේ.

පැයකට පසු බිම ඇදවැටුණු එම තැනැත්තා රෝහලට ගෙන යද්දී මරුමුවට පත්වී ඇත. මෙය සිදුවී ඇත්තේ රාජස්‌ථානයේ ජෝද්පූර් නගරයේදීය.

ඉන්දියාවේ වර්ග පහකට අයත් විෂකුරු නාගයන් සිටින අතර එම නාගයන් ගැන ඉන්දීය ජනතාව දැනුවත් වී නැත.