උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20 දා) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහගේ නියෝගයකට අනුවය.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේ දි ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේ ධම්මාලෝක හිමි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම නියෝගය නිකුත් කර තිබේ.

උඩුවේ ධම්මාලෝක හිමි අධිකරණයෙන් අවසරයකින් තොරව මේ වන විට විදෙස් ගතවී ඇති බවද අනාවරණය වී තිබේ.