වඳ වී යන ජාතීන් අතර සිංහල ජනතාව පෙරමුණේ

ලෝකයේ වඳ වී යන ජාතීන් අතර පෙරමුණේ ඉන්නේ සිංහල ජනතාවයි. අද සිංහල දරුවන්ගෙන් සියයට අසූවක්‌ම මෙලොව උපදින්නේ සීසර් කරලයි. මේ නිසා දරුවට අම්මා ගැන ආදරයක්‌ ඇතිවන්නේ නැහැ.

අන්තිමට දරුවො අම්මලාට පිහියෙන් ඇනල මරණ තත්ත්වයට පත්වී තිබෙනවා යෑයි අමරපුර නිකායේ චූලගන්ඨි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක වැලිතර අමරනන්ද අනුනාහිමියෝ පැවසූහ.

අහුන්ගල්ල මරදාන වලේකෝවිල පුලිනතලාරාම විහාරස්‌ථ ශ්‍රී අමරවංස දහම් පාසලේ සිසු සිසුවියන්ගේ මාපිය වන්දනාවකදී අනුශාසනාවක්‌ කරමින් හිමියෝ එසේ කීහ.

තවදුරටත් කතා කළ අමරනන්ද හිමියෝ මෙසේද කීහ.

දරුවා පන්සලෙන් ඈත් කිරීමට ජාත්‍යන්තර බලවේග කටයුතු කරනවා. හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ භික්‍ෂූන් වහන්සේලා පවා අත්අඩංගුවට ගත්තා. පොලිස්‌පතිවරයා හාමුදුරුවන්ට කතා කරන්නෙ ඉතා පහත් තත්ත්වයෙන් හාමුදුරුවන්ගේ තුනටිය කඩල පැත්තකට කළ දවසට සිංහල ජාතියත් විනාශ වෙනවා. ඉස්‌සර ගෙවල්වල මල් වවල තිබුණා ඒවා උදේ සවස පන්සල් ගෙනැවිත් බුදුන් වැන්දා. ඒ ක්‍රමයෙන් ඉවත් කිරීමට අපේ ජනතාවට මල් ගස්‌ වෙනුවට මල් නොපිපෙන ක්‍රෝටන්, බිගෝනියා වැනි පැළ පුරුදු කළා.

දැන් තිබෙන්නේ කෙනෙකුට අහගෙන ඉන්න බැරි සංගීතයයි. ගැහැනුන්ගේ ආදරය ඉල්ලලා හඬා වැටෙන හිඟන්නෝ බවට මේ සින්දුවලින් පිරිමි ජාතියම පත් කරලා. අම්මලා තාත්තලා සමඟ දරුවන්ට මේ සින්දු රසවිඳින්න පුළුවන්කමක්‌ නැහැ. ඉස්‌සර අම්මලා දරුවො නැලෙව්වේ "අම්මා නුඹේ කිරට ගියා. කිරි එරවා එන්ට ගියා." කියන නැලවිලි ගීත කියලයි. එහෙම නැළවිලි ගී අද ඇසෙන්නේ නැහැ. දර කඩාගෙන එන්න කැලයට යන අම්මලා ගෙදර එනව ඉනට පලා නෙළාගෙන අතට වෙරළු ඇහිඳ ගෙනයි. පණු අමාරුවලට පැපොල් දල්ල, එරමුදු දල්ල උයල දෙනව. අද ඒaවා තිබෙනවාද?

සීසර් කරලා දරුවො ඉපදෙන අම්මලාට විලිරුදාවක්‌ හැදෙන්නේ නැති නිසා දරුවන් කෙරෙහි ආදරයක්‌ ඇතිවෙන්නෙත් නැහැ. sකිරි එරෙන්නෙත් නැහැ. ගොන් කිරි දීල හදන දරුවන් ලොකු වුණාමත් කරන්නේ ගොන් වැඩමයි. දරුවන් හැදුවත් දහම් පාසලකට එවන්නේ නැහැ. දරුවො දොස්‌තරවරු වුණාට වැඩක්‌ නැහැ. අම්මල තාත්තලාට සලකන්නේ නැත්නම්. හැම දහම් පාසලකම වසරේ Êආරම්භක මාසයේ අවසන් සතියේ මාපිය ගුණ වන්දනාවක්‌ පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

දහම් පාසලේ ප්‍රධානාචාර්ය වෛද්‍යාචාර්ය ලීලාගම අමරකිත්ති වතුරවෙල අමරසීල යන හිමිවරු ද මෙහිදී කතා කළහ.