මාර්ග තදබදය අරින්න බෝට්ටු සේවයක්

දැනට පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ ආශ්‍රිතව බෝට්ටු ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා  පැවසීය.

ඒ අනුව මෙහි මූලික පියවර වශයෙන් බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කරන බවත්, එය මේ වර්ෂය තුළ ආරම්භ කරන බවත් අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේය.

මෙහි අත්හදා බැලීම් මේ දිනවල සිදුකෙරෙන බවත් දේශීය පිරිසට මෙන්ම විදේශීය සංචාරකයන්ටද මෙහි ගමන් කළ හැකි බව ඉද්දවෙල මහතා වැඩිදුරටත් කියා සිටියේය.