කටුනායක නවීකරණ කටයුතු ඇරඹේ

ජාත්‍යන්තර ගුවන් සේවා සම්මතයන්ට හා ප්‍රමිතීන් ඉකුත්ව ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ ගුවන් පථයේ නවීකරණ කටයුතු අද ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල සහ නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ජනවාරි 06 දින උදැසන 8.30 සිට අප්‍රේල් 6 දින දක්වා සවස 4.30 දක්වා මාස තුනක කාලයක් මෙම ප්‍රතිසන්ස්කරණ නිසා ගුවන් තොටුපොළ වසා තබන බව ගුවන් තොටුපොළ හා සේවා සමාගම කියයි.